Home Podcasts SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS 1312 Episodes Oct 16, 2026

SBS Sinhala වැඩසටහන ඕස්ට්‍රේලියාවේ සිංහල කතා කරන ප්‍රජාව සඳහා ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඉදිරිපත් කරයි. මෙම පොඩ්කාස්ට් ඕස්ට්‍රේලියානු ජීවිතයට අදාළ තොරතුරු සිංහල භාෂාවෙන් සපයයි. SBS Audio හි කොටසක් ලෙස, එය බහු සංස්කෘතික ප්‍රේක්ෂකයින් ඉලක්ක කරයි.

Episodes

SBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක්
SBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක් Oct 16, 2026 00:04:52 ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast
එගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania
එගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania Oct 16, 2026 00:02:42 ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන කිරීමක් පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast
ලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන්
ලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන් Oct 15, 2026 00:15:01 ‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' මේ විශේෂ සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි මේ. ලංකාවෙන් එන දක්ෂ නිපුනතා සංක්‍රමණිකයින් අතින් සිදුවන ඇතැම් අතපසුවීම් හේතුවෙන් ඔවුනට පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති අවස්තාව අහිමි
පළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද?
පළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද? Oct 15, 2026 00:09:57 නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast #sbssinhala
අපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ
අපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ Oct 15, 2026 00:03:32 අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්.#sbsaudiopodcast
ඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක්
ඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක් Oct 15, 2026 00:03:17 සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක් ඇතිවුණා. දැන් ඒ සම්බන්ධ බන්ධනාගාර නියෝග වෙනස් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි Oct 15, 2026 00:05:30 ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි
ඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි Oct 15, 2026 00:04:57 ඕස්ට්‍රේලියාවේ සමහර බැංකු ගිණුම්වල සාමන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක මට්ටමට ළඟා වී තිබේ. එම මට්ටමේ පොලී අනුපාතයක් දක්නට ලැබී ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට පසුව බව Canstar ආයතනයේ පර්යේෂණයක් හෙළි කරයි. realestate.com.au වෙබ් අඩවියේ නව නිවාස දැන්වීම්වල ප්‍රමුඛස්ථානය සිඩ්නි මෙල්බර්න් වෙත. වැඩිදුර විස්තර සඳහා සවන් දෙන්න.#sbsaudiopodcast
'ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතාව දැනුම හුවමාරුවට වගේම අභියෝග වල දී සහයෝගය පිණිසත් හේතු වේවි' - නීතිඥ රජීව් අමරසූරිය
'ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතාව දැනුම හුවමාරුවට වගේම අභියෝග වල දී සහයෝගය පිණිසත් හේතු වේවි' - නීතිඥ රජීව් අමරසූරිය Oct 14, 2026 00:05:25 ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණා. ඒ පසුගිය දා නිමාවට දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත් වූ LAWASIA සමුළුව අතරතුර දීයි. මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.#sbsaudiopodcast
සුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද?
සුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද? Oct 14, 2026 00:10:31 යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැනි කොටස.#sbsaudiopodcast
අන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට
අන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට Oct 14, 2026 00:16:22 ඉංග්‍රීසි බසින් නිපදවූ ළමා ප්‍රහසනයක් වන ‘Andare’s Wife and the Queen’ ඇඩිලේඩ් හි දී වේදිකාගත වීමට නියමිතයි. මෙම නිර්මාණය ඇඩිලේඩ් හි Robins Academy යේ නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා නැටලි රොබින්ස් මහත්මියගේ නිෂ්පාදනයක්. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast
නිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා
නිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා Oct 14, 2026 00:03:21 ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නුවරට උතුරින් පිහිටි නිව්කාසල් නගරයේ, NRL රග්බි ලීග් කණ්ඩායමකට සමුදීමට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ රියදුරාට දැන් නව චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන්#sbsaudiopodcast

Recommended